ඔබගේ දරුවාගේ පසැලට අවශ්‍ය printout නිවසේදීම පහසු මිලට ලබා ගන්න.
07 Jul

ඔබගේ දරුවාගේ පසැලට අවශ්‍ය printout නිවසේදීම පහසු මිලට ලබා ගන්න.

Posted By: Mihiranga Fernando Times Read: 5414 Comments: 0

පාසල් යන වයසේ සිටින ඔබේ දරුවාට ඔබිනම ප්‍රින්ටර් එක කුමක්ද?


මුද්‍රණ යන්ත්‍රයක් (Printer), නැතහොත් සරලව හඳුන්වන පරිදි ‘ප්‍රින්ටර් එකක්’ යනු වර්තමානය වන විට කාර්යාලයකට පමණක් නොව නිවසකට ද ඉතා අත්‍යවශ්‍ය විදුලි උපකරණයක් බවට පත්වී හමාරය. ශ්‍රී ලංකාවේ මහජනතාව ඉතා වේගයෙන් තොරතුරු තාක්ෂණය කෙරෙහි නැඹුරු වීමත්, අධ්‍යාපන රටාවේ ඇති වූ දියුණු වෙනස්කම් සහ කාර්යබහුල ජීවන රටාව මෙයට ප්‍රධාන වශයෙන් දායක වූ දෑය.


අද වන විට වෙළඳපොළෙහි විවිධ සන්නාමයන්ගෙන් (Brands) මුද්‍රණ යන්ත්‍ර මිලදී ගැනීමේ ඉඩ ප්‍රස්තාව ඔබට ඇත. HP සහ Dell වැනි ඇමරිකානු සන්නාම ද  Canon, Epson සහ Brother වැනි ජපන් ඒවා ද කොරියානු සන්නාමයක් වන Samsung ද ඒවා අතරින් ප්‍රමුඛත්වය ලබා ගෙන ඇත.


එසේ කෙතරම් විවිධ සන්නාමයන්ගෙන් කෙතරම් මාදිලි (Models) පැවතියත්, ඔබගේ සැබෑ අවශ්‍යතාවට මෙන්ම ඔබගේ මුදල් පසුම්බියටත් ගැළපෙන පරිදි ඔබගේ තෝරාගැනීම සිදු නොකළහොත්, අවසානයේ අපහසුතාවයට පත් වන්නේ ඔබමයි.


HP යනු ඉහත ඒවා අතුරින් අවිවාදයෙන් ඉහළම පිළිගැනීම හිමි කරගෙන ඇති සන්නාමයකි. ඉහළ නිෂ්පාදන තත්වය (Standard) සහ ගුණාත්මක (Quality) මුද්‍රිත පිටපතක් නැතහොත් අප සාමාන්‍යයෙන් හඳුන්වන ආකාරයට ‘කොලිටි ප්‍රින්ට් අවුට් එකක්’ HP අපට ලබා දෙයි. ඒ, HP සමාගම විසින් සෑම වසරකම ඩොලර් මිලියන ගණනාවක් පර්යේෂණ සහ සංවර්ධන කාර්යයන් (R&D - Research & Development) සඳහා වියදම් කිරීම නිසා අත් කර ගෙන ඇති ප්‍රතිඵලයයි. පොදුවේ ගත් විට, බොහෝ දෙන තම නිවසට මිලදී ගන්නා ප්‍රසිද්ධ මාදිලි අතුරින් වැඩිමණක් වෙළඳපොල කොටසක් හිමි කර ගෙන ඇත්තේද මෙම HP සමාගම විසින් හඳුන්වාදුන් 1112, 2132 සහ 2135 යන මාදිලි වේ.


HP 2135 යනු ‘Ink Advantage’ තාක්ෂණයෙන් යුත් මුද්‍රණ යන්ත්‍රයක් වන අතර, එම යන්ත්‍රය අනෙකුත් මාදිලි හා සසඳා බලන විට වැඩි මිලක් ගත්තද එයට භාවිතා වන Ink Cartridge එක මගින් අඩු මුදලකට වැඩි පිටු ගණනක් මුද්‍රණය කිරීමේ හැකියාව සතුය. අප රටේ පාරිභෝගිකයන්ගෙන් සැලකිය යුතු පිරිසක් ‘ප්‍රින්ටර් එකේ ගාණ’ ගැන පමණක් සැලකිලිමත් වන නමුදු ඒ සඳහා භාවිත කරන ‘කාට්‍රිජ් එක’ ගැන දක්වන සැලකිලිමත්භාවය සහ තිබෙන දැනුම අල්පය. Ink Cartridge හි මිල සහ මුද්‍රණය කළ හැකි පිටු ගණන (Paper Yield) පිළිබඳ නිවැරදි අවධානයක් නොමැත. අවසානයේ එක් මුද්‍රිත පිටුවක පිරිවැය (Cost Per Page) වැඩිතර සහ අනවශ්‍ය අගයක් ගනී.


එවැනිම තවත් පාරිභෝගික කොටසක් Ink Cartridge හි මිල ගැන පමණක් සැලකිලිමත් වී එයින් මුද්‍රණය කළ හැකි පිටු ගණන (Paper Yield) පිළිබඳ අමතක කර වැඩි මුදලකට මුද්‍රණ යන්ත්‍ර මිලදී ගනී. ප්‍රතිඵලය; මුද්‍රණ යන්ත්‍රය සඳහා යොමු කළ ආයෝජනයෙන් උපරිම ප්‍රතිලාභය හිමි නොවේ.


දැන් අපි ඉහතින් සඳහන් කළ ‘ප්‍රින්ටර් වල’ දැනට පවතින මිල සහ ඒවායේ ‘කාට්‍රිජ් එකේ මිල’ සංසන්දනය කර බලමු.




ඉහතින් පැහැදිලි වන ප්‍රධාන කරුණ වන්නේ යම් අයෙකු HP 2135 යන්ත්‍රයට ඔබින 680 Black Cartridge එකක් අලුතින් මිලදී ගන්නා විට, එවැනිම තරමේ ‘ප්‍රින්ට් අවුට්ස්’ ප්‍රමාණයක් ලබා ගැනීමට HP 1112 සහ 2132 යන්ත්‍ර හිමියෙකු 63 Black Cartridge 3 ක් මිලදී ගත යුතු බවයි. එය මුදලින් ගත කල රු.8250 කි. එය නව HP 2135 Ink Advantage යන්ත්‍රයක මිලට ආසන්න ගණනකි.


නවීනත්වය සහ තාක්ෂණය සමඟ ඉදිරියට ඇදෙන වර්තමානයේ පාසල් යන දරුවෙකු සදහා සැලකිය යුතු ‘ප්‍රින්ට් අවුට්ස්’ ප්‍රමාණයක් ලබා ගැනීමට සිදු වීම පැහැදිලි අවශ්‍යතාවක් බවට පත්ව ඇත. තවද Photo Copy සහ Scan පහසුකම් ද ඇති නිසා HP 2135 Ink Advantage මුද්‍රණ යන්ත්‍රය පාසල් සිසුවෙකු සිටින නිවසකට කදීමයි.


*  Ink Cartridge එකකින් මුද්‍රණය කළ හැකි පිටු ගණන (Paper Yield) ගණනය කරනුයේ A4 කොළයකින් 5% ප්‍රමාණයක් ආවරණය වන පරිදි තීන්ත ක්ෂයවීමක්, එක් පිටුවක් මුද්‍රණය වූවා ලෙස සැලකීමෙනි. මෙය Ink Cartridge එකක හෝ Toner Cartridge එකක මුද්‍රණය කළ හැකි පිටු ගණන (Paper Yield), මනිනු ලබන නිර්ණායකය වේ (ISO/IEC 19752). බොහෝ විට අප ලබා ගන්නා ‘කලර් ප්‍රින්ට් අවුට්’ එකක වර්ණ සංයෝජනය වීමක් සිදු වන බැවින් පිටුවකට ක්ෂයවන තීන්ත ප්‍රමාණය 5% ට වඩා වැඩි අගයක් ගනු ලබයි.


අප ඉහතින් සඳහන් පෙන්වා දුන්නේ Ink Cartridge භාවිතා වන ප්‍රින්ටර් එකක් සම්බන්ධවයි. දැන් අපි මේ දිනවල වෙළඳපොළෙහි වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතින Ink Tank එකක් සමඟ එන Ink Bottle මඟින් Refill කරන පාරිභෝගිකයා හට ඉතා ඉහළ ප්‍රතිලාභයක් ගෙන දෙන ප්‍රින්ටර් වර්ගයක් ගැන විමසා බලමු.


Epson යනු ජපන් තාක්ෂණයෙන් සපිරි ඉහළ මට්ටමේ සන්නාමයකි. ඉතා ලාභදායී ප්‍රින්ට් අවුට් එකක් ලබා දෙන ප්‍රින්ටර් වර්ගයක් ලෙස බොහෝ දෙනා අතර ඉතා ඉහළ පිළිගැනීමක් ඇත. ඒ අතරින් වඩාත් ලාභදායී සහ කරනු ලබන ආයෝජනයට ඉහළ ප්‍රතිලාභයක් ගෙන දෙන ප්‍රින්ටර් මාදිලි 2ක් ගැන දැන් අපි විමසා බලමු.



ඉහත වගුවෙන් ඔබට පැහැදිලි වන පරිදි මෙම ප්‍රින්ටර් වර්ගය, කලින් සඳහන් කළ ප්‍රින්ටර් වර්ගයත් සමඟ සංසන්දනය කිරීමේදී සාපේක්ෂව කෙතරම් ලාභ ගෙන ගෙන්නක් දැයි ඔබට අමුතුවෙන් කිව යුතු නොවේ. Black & White ප්‍රින්ට් අවුට් එකක් සත 44ක් ද Colour ප්‍රින්ට් අවුට් එකක් සත 81ක් වැනි ඉතා සුළු වියදමකි. එනම් Black & White ප්‍රින්ට් අවුට් එකක් 10 ගුණයකට ආසන්නවද Colour ප්‍රින්ට් අවුට් එකක් 10 ගුණයක් ඉක්මවාද සාපේක්ෂව ලාභදායී වේ.


ඔබට අවශ්‍ය වන්නේ ප්‍රින්ටර් එකක් පමණක් නම් මිල රු.23,500 ක් වන Espson L130 ඔබට ප්‍රමාණවත්ය. Scan සහ Photo Copy පහසුකම් අවශ්‍ය වනවා නම් මිල රු.37,500 ක් වන Epson L380 ඔබට ගැළපේ. මෙම ප්‍රින්ටර් එක Refill කර ගැනීම ඉතා පහසු කටයුත්තකි. එය ඔබට තවත් එක් අමතර ප්‍රතිලාභයකි. ඕනෑම Ink Bottle එකක මිල රු.1750 පමණයි.


වෙළඳපොළෙහි ඉහළම ප්‍රින්ට් අවුට් ප්‍රතිලාභය අත්විඳින්න...


* ඉහත ප්‍රින්ටර් එකෙන් අපට ලබා දෙන ප්‍රින්ට් අවුට් එකක් වෙළඳපොළෙහි ඇති ලාභදායීම් එකක් වුවත් එහි තීන්ත සඳහා යොදා ගනු ලබන්නේ ඩයි වර්ගයක් නිසා ජලය හා මුසු වීමක් සිදු වුවහොත් ප්‍රින්ට් වූ දෑ සේදී යාමට ඉඩ ඇත.

Write Comment